Friday, 06 May 2016 11:33

සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් 28ක් මරුට

Written by 
Rate this item
(0 votes)

සිරියාවේ සරණාගත කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ මියගොස් තිබේ.

තුර්කි දේශ සීමාව ආසන්නයේ පිහිටි අදාළ සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ රූප රාමු මුදාහැර ඇත.


අදාළ ප්‍රහාරය එල්ල කර ඇත්තේ කුමන පාර්ශවයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

සිරියානු හමුදාව සහ කැරලිකරුවන් අතර සටන් විරාමයක් සඳහා එකඟවීමෙන් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ලවීම විශේෂත්වයක් වෙයි.

ඊශ්‍රායල් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන කාන්තාවක මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ගාසා තීරයට එල්ල වූ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරන ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ හමාස් සටන්කරුවන්ගේ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් තමන් අදාළ ප්‍රහාරය එල්ල කළ බවයි.

Read 173 times
Super User

Libero tellus sit ipsum ante eu Curabitur nibh Sed Pellentesque nisl. Nibh quis laoreet mauris mi est quis nibh porttitor.

Website: www.joomlart.com

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.