Friday, 06 May 2016 11:40

පරාලයක් වැටුනු සුමිත් මානවඩු මිය යයි

Written by 
Rate this item
(0 votes)

වැඩබිමකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතළ තුවාල ලැබූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 04 වන දින පෙරවරුවේ තුවාල ලැබූ ඔහු ප්‍රථමයෙන් යුද හමුදා රෝහලට ඇතුළත් කොට පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර එවා එහිදී හදිසි සැත්කමකට භාජනය කරන ලදී.

 

මේජර් ජෙනරාල්වරයාට අයත් දෙල්කඳ, පරණ කැස්බෑව මාර්ගයේ පිහිටි ඉඩමකදී එදින උදෑසන 6.40ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

 

මෙම ඉඩමේ ඉදිකිරීමක් පරීක්ෂා කරමින් සිටියදී ඇදවැටුණු පරාලයක් නළලේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, තුවාල ලැබූ ඒ මහතා ඒ මොහොතේම යුද හමුදා රෝහලට ඇතුළත් කළ පසු කොළඹ ජාතික රෝහලට මාරු කර එවා ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

 

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු පසුගිය රජය යටතේ මලයාසියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කර තිබේ.

 

විශ්‍රාමලත් හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපති මැතිවරණයෙන් පරාජයට පත්වූ අතර මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළබව ප්‍රකාශයට පත්කිරීමත් සමගම ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබුවේද මේජර් ජෙනරාල් සුමිත් මානවඩු විසිනි. ඔහු මෙහිදී හිටපු හමුදාපතිවරයාගේ හිසට ප්‍රහාරයක් එල්ල කළ අතර  දිගින් දිගටම ප්‍රහාරයන් එල්ල කිරීම වලක්වා ලූ ඒ අසල සිටි සේනක හරිප්‍රිය සිල්වා වන හිටපු හමුදාපතිවරයාගේ ලේකම් විසින් සුමිත් මානවඩුගේ හිසට ප්‍රහාරයක් දියත් කළ බවද වාර්තාවේ. 

 

කෙසේ නමුත් මානවඩු විසින් ජෙනරාල්වරයාට හිසට ප්‍රහාරයත් දියත් කිරීම අසල සිටි සොමවංශ අමරසිංහ හා සුනිල් හදුන්නෙත්ති විසින්ද දැක ඇති අතර මේ හේතුවෙන් ජෙනරාල්වරයා දැඩි වේදනාවකට ලක් වූ බවද සදහන් විය. කෙසේ නමුත් දෛවෝපගත සිදුවීම වන්නේ සුමිත් මානවඩු මිය යන්නේ යුධ බිමෙහි වෙඩි වැදීමෙන්  නොව තම වැඩබිමකදීම හිසට පරාලයක් වැටීමෙනි 

 

කෙසේ වෙතත් හෙතෙම ජීවිතක්ෂයට පත්වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අද තහවුරු කළේය.

 

Read 154 times
Super User

Libero tellus sit ipsum ante eu Curabitur nibh Sed Pellentesque nisl. Nibh quis laoreet mauris mi est quis nibh porttitor.

Website: www.joomlart.com

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.